සන්ධානයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සාරාංශය
දැක්ම
තිරසාර ආර්ථික සංවර්ධනයක් මගින් සෞභාග්‍යමත් දේශයක් ගොඩනංවා ආත්ම ගරුත්වයක් ඇති ජනතාවක් නිර්මාණය කිරීමමෙහෙවර
ඉහත සඳහන් දැක්ම ළඟා කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තය හා කර්මාන්ත පදනම් කරගත් අපනයනයට ප්‍රමුඛත්වය දෙමින් නිවැරදි මිනිස් බල ක්රමසම්පාදනයක් සහිත මානව අයිතිවාසිකම්වලින් සුපෝෂිත පරිසර හිතකාමී ජීව ගුණයෙන් යුක්ත සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා කටයුතු සම්පාදනය කිරීමපූර් විකාව
වසර 4000 කට වඩා පැරණි කෘෂිකාර්මික ශිෂ්ටාචාරයකට හිමිකමක් ඇති අප මහා වාරි කර්මාන්ත සමාජයක සාමාජිකයෝ වෙමින් ක්‍රිස්තු වර්ෂ 02 වන සියවස වන විට ආර්ථික, සමාජයීය, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ඉතා ඉහළ තලයක සිටිමින් ලෝක ඉතිහාසයට අතිශය වැදගත් දායකත්වයක් ඉටුකළ සමාජයක් වීමු. භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් පෝෂිත වූ මෙම කුඩා දිවයින වැව් සහ දාගැබ් පදනම් කරගත් ස්වයංපෝෂිත සමාජයක් විය. 1505 බටහිර ජාතීන්ගෙන් ප්‍රථම ආක්‍රමණිකයන් වූ පෘතුගීසීන් පැමිණීමත් සමගම ශ්‍රී ලංකාව බෙදී ගිය ජාතියකට පරිවර්තනය වන්නට විය. සාම්ප්‍රදායික කෘෂිකර්මය වෙනුවට වාණිජ භෝග අපනයනය කරන රාජ්‍යයක් වූවා පමණක් නොව 1602 ලන්දේසීන් ගේ පැමිණීමත් සමගම වඩා සංකීර්ණ හා සංකර සමාජ ආර්ථික රටාවක් ශ්‍රී ලංකාවේ බිහිවිය. වසර 1796 වඩා ප්‍රබල ඉංග්‍රීසීන්ගේ පැමිණීමත් සමග සමස්ත ශ්‍රී ලංකාවම ඔවුන්ගේ ආධිපත්‍යයට නතු වීමට වැඩි කලක් ගත වූයේ නැත. එනම් 1815 දී උඩරට රාජ්‍යය ඇතුළු සමස්ත දේශයම යටපත් කරගත් ඉංග්‍රීසීන්ට විරුද්ධව පැන නැගුණු 1818 උඩරට විමුක්ති සටන ද 'මාෂල් ලෝ' යුද්ධ නීතිය මගින් සිංහලයන් සමූල ඝාතනය කොට ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගැනීමට අවශ්‍ය නීති රීති 1933 කෝල්බෘක්-කැමරන් ප්‍රතිසංස්කරණය මගින් ඇතිකොට 1840 න් පසු සිංහලයේ සියලුම ඉඩම් මුඩුබිම් පනත මගින් අත්පත් කොට ගෙන බ්‍රිතාන්‍ය සහ සෙසු යුරෝපීය ජනතාවට වාණිජ වගාවන් සඳහා විකුණා දමනු ලැබීය. මෙයින් අනාථභාවයට පත් වූ උඩරැටියන් තවමත් ඉඩම් අහිමි ජනතාවක් වශයෙන් උපන් බිමේ අනාථයන් ලෙස ආර්ථික සුරක්ෂිතභාවය නොමැතිව ලංකාවේ නොයෙක් ප්‍රදේශවල ජීවත් වන්නෝය. නිදහස ලබා වසර 76 ක් ගත වුවද, ස්වදේශීය රජයන් පත්වූවද මෙම ජනතාව වෙනුවෙන් කිසිවෙක් හඬක් නොනගූහ. තවත් කොටසක් විදේශිකයන්ගේ ඉඩම් අසබඩ ඇලවේලි සහ කඳු ආශ්රිත හෙල්මලු බිම් කඩවල් වල පදිංචිව කිසිම නිෂ්පාදනයක් කරගත නොහැකි වූ නිරන්තර නාය යාම්වලට මුහුණ දෙමින් සාගතය සහ මන්ද පෝෂණය සමග පොර බදිමින් මරණයේ මුව විට සිටින්නෝය. සමස්ත වශයෙන් රටේ ආර්ථිකයෙන් තවමත් සියයට 70% ක් පමණ සිටින සුළු ගොවි පන්තිය හරිත විප්ලවය මගින් බිහි කළ තාක්ෂණය මිලදීගත නොහී ණයබරින් වෙලී සිටින්නෝය.1. ආහාර සුරක්ෂිතතාවය :
රටේ මොනයම් පුද්ගලයෙකු හෝ මින් ඉදිරියට ආහාර අහේනියට හෝ සාගින්නට ලක් වීමට ඉඩ නො තැබීම සහතික කරනු වස් රටට හා අදට ගැළපෙන දේශීය හා නවීන තාක්ෂණය පදනම් කර ගත් වස විසෙන් තොර ආහාර හා පෝෂණ සංස්කෘතියක් ගොඩනැගීම ශ්‍රී ලංකාවේ බොහෝ ගැමියන් ණය බරින් මිරිකී සිටින අතර 1948 න් පසු ක්‍රියාත්මක කළ සියලු සුභසාධන වැඩපිළිවෙළවල්වලින් මෙන්ම පෙනෙන මානයේ ක්‍රියාත්මක කළ සමෘද්ධි සහ අස්වැසුම් මගින් ඉච්ඡා භංගත්වයට පත්ව සිටින සුළු ගොවි ආර්ථිකය ශක්තිමත් කර ආත්ම ගරුත්වයක් ඇති කාර්යක්ෂම ගොවිජනතාවක් ඇති කිරීම සඳහා පලතුරු, එළවළු, පලා වර්ග සහ වර්ග 58 පනස් අටක් පමණ වූ අල වර්ග පරිභෝජනය සහ අපනයනය කිරීම සඳහා කටයුතු කරනු ලැබේ. වසර 1977 විවෘත ආර්ථිකය නිසා කෘෂිකර්මයට උදව් කළ සත්ව බලය අහිමිකළ ගෘහ ආර්ථිකය ගොඩනැගීමටත්, දේශීය කිරි එළදෙනුන්ගෙන් උපරිම ප්‍රතිඵලය රැගෙන කිරි කර්මාන්තය වැඩිදියුණු කොට පස්ගෝරසය නිෂ්පාදනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන්නෙමු කැබලි වී ගිය කුඩා ඉඩම් හිමි ගැමියන්ගේ ණයගැතිභාවයට පිළියම් වශයෙන් යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ නිෂ්පාදනය කළ වියදම් අධික යන්ත්‍ර සූත්‍ර වෙනුවට ආසියාවේ නිෂ්පාදිත අඩු වියදම් තාක්ෂණික මෙවලම් හඳුන්වා දෙන්නෙමු. මෙම අඩු වියදම් තාක්ෂණික මෙවලම් තනි ගොවියෙකුට මිලදීගත හැකි ඒවා පමණක් නොව පවුලේ සාමාජිකයන්ට ක්‍රියාත්මක කළ හැකි ඒවා වේ. මෙමගින් සීසෑම, මඩකිරීම, ගොයම් කැපීම, සහ ගොයම් පෑගීම සිදුකළ හැකිවන අතර ග්‍රාමීය තරුණ කොටස් මේ සඳහා යොදා ගත හැකිය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පොස්පේට් මෙන්ම ඩොලමයිට් සම්බන්ධ කරගත් රසායනික පොහොර, උසස් තත්වයේ රසායනික විදේශීය පොහොර මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය කොට බෙදා හරින වෙළඳසැල් සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම පිහිටුවනු ලැබේ. සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම වී ඇතුළු බීජ සංවර්ධන හා සංරක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටවනු ලබන අතර හැකිතාක් රෝග රහිත බීජ වර්ග අඩු මිලට ගොවියාට සැපයීමට මෙමගින් ඉඩ ප්‍රස්ථාව ලැබේ. දැනට ආනයනය කරනු ලබන මුං, තල, අඹ තෝර පරිප්පු ඇතුළු ධාන්‍ය වර්ග සියල්ලක්ම ග්‍රාමීය ආර්ථිකය තුළ වගා කිරීමට ඉඩ ප්‍රස්ථාව සලස්වන අතර සාම්ප්‍රදායික හේන් ගොවිතැන පරිසර හිතකාමී අයුරින් පවත්වාගෙන යෑමට ඉඩකඩ සපයනු ලැබේ. දේශීය පළතුරු, අල වර්ග, පලාවර්ග මෙන්ම එළවලු සෑම ගෙවත්තකම වගා කරනු ලබන අතර එය වාර්ෂිකව ආහාර සඳහා වැය වන විදේශ විනිමය පාලනය කිරීමට හේතුවේ. ග්‍රාමීය ගොවියාගේ වී සහ වෙනත් ධාන්‍ය වර්ග මිලදී ගැනීමටත්, ගබඩා කිරීමටත්, නැවත සකස් කොට ගැමියාන්ට විකිණීමටත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමෙන් මධ්‍යස්ථාන ඇති කරනු ලැබේ. ග්‍රාමීය ආර්ථිකයේ ප්‍රධාන යැපුම් මාර්ගයක් වන ආහාර භෝගවලට සිදුවන සත්ත්ව හානිය 40% කින් වැඩි වී ඇති බව අනාවරණය වී තිබේ. රිලවුන්, වඳුරන්, දඬුලේනන්, ඌරන් වල් අලීන් සහ වෙනත් සතුන්ගෙන් වන හානි වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පශු වෛද්‍ය අංශයෙන් මෙන්ම ආසියාවේ අප්‍රිකාවේ මෙන්ම ලතින් ඇමරිකාවේ රටවල උපකාරයෙන් අවශ්‍ය යාන්ත්‍රණයන් ගොඩනංවනු ලැබේ. සෑම ගෙවත්තක්ම සරුසාර ආහාර හා අපනයන භෝගවල නිෂ්පාදන ඒකකයක් බවට පත් කරන අතර එහි ප්‍රතිඵල සෘජු ලෙස ගොවියාට ලැබෙන පරිදි ගෘහ ආර්ථිකය ශක්තිමත් කරනු ලැබේ. කපා දමන පොල් ගසක් වෙනුවට අනිවාර්යයෙන්ම පොල් ගසක් සිටුවිය යුතු අතර මෙය කළමණාකරණය සඳහා ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘපනිසගෙන් සමන්විත කමිටුව ක්‍රියාත්මක වේ. කිසිම කෘෂිකාර්මික ඉඩමක් නිවාස ඉඩමක් බවට පත් නොකරන අතර ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරනු ලැබේ අපනයන කෘෂිකර්මයට අදාළ ගෘහීය බෝග වර්ග ප්‍රවර්ධනය කිරීමට උපරිම කැපවීමකින් කටයුතු කරන ග්‍රාමීය සාමූහික සන්ධාන පත්කරනු ලබන අතර සංවිධානාත්මක ක්‍රම මගින් ප්‍රාග්ධන ක්‍රමසම්පාදනය හා ග්‍රාමීය සංවර්ධන ඒකක වශයෙන් මේවා නම් කර ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධනය හා අපරාධ අවම කිරීම පදනම් කොට ගෙන ඔවුන්ගේ වාර්ෂික වැටුප් වැඩිකිරීම සිදුකරනු ලැබේ දැඩි නීති රීති වලින් බැඳුණු මෙම නිලධාරී මණ්ඩලය ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් ක්‍රියාකළ යුතු අතර ඔවුන් සමෘද්ධි සංවර්ධන බැංකුවේ නිලධාරීන් සමග ග්‍රාමීය මට්ටමේ වාර්ෂික සංවර්ධනය මිනුම් කරනු ඇත.2.කර් මාන්ත
දේශීය ඛනිජ සම්පත් හා අමුද්‍රව්‍ය භාවිතා කරමින් අගයෙන් වැඩි නිමි භාණ්ඩ නිෂ්පාදනය කිරීම හා ඒවා අපනයනය තුළින් රටේ විදෙස් සංචිත ශක්තිමත් කර රට ණයගැති භාවයෙන් නිදහස් කිරීම හා ණය රටට වාසි වන ආකාරයට ප්‍රතිව්‍යවුහගත කිරීම හරහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල මත යැපෙන්නේ නැති ආර්ථික ක්‍රියාදාමයක් ඇති කිරීම ශ්‍රී ලංකාවේ කාර්මික ප්‍රතිපත්තිය උදක්ම දේශීය කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මෙන්ම රටේ පවතින මානව සම්පත් සහ ස්වාභාවික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි සංවිධානය කරනු ලැබේ. විශාල වශයෙන් ස්වාභාවික සම්පත් බහුල ශ්‍රී ලංකාව වැනි රටක ස්වභාවධර්මය ස්වාභාවික සම්පතක් බවට පත්කිරීමේදී ඉදිරි අනාගතයේදී බලපාන ප්‍රධාන ගැටලුවක් වනුයේ බලශක්තිය නිෂ්පාදනය කිරීමයි. ලෝකයේ ප්‍රධාන බලශක්තිය ප්රභවය වන සූර්ය බලය හා සෙසු විභව ශක්තීන් කෙරෙහි විශ්වාසය තබමින් අප රටේ කාර්මික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන්නෙමු. එය පහත සඳහන් පරිදි වේ. ශ්‍රී ලංකාවේ භූ සම්පත් ආශ්රිත කර්මාන්ත: ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කුඩා දූපතක් වූවද එය ලෝකයේ ප්‍රයෝජනයට නොගත් භූ සම්පත් වලින් පොහොසත් දිවයිනකි. මේ නිසා භූ සම්පත් (සාගර සම්පත්ද ඇතුළුව) පර්යේෂණ කිරීම, නිෂ්පාදන කර්මාන්ත සහ අපනයන කටයුතු ප්‍රවර්ධනය සඳහා පූර්ණ බලය ඇති මණ්ඩලයක් පත් කරනු ලැබේ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ භූ සම්පත් ආශ්රිත ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සහ ලංකාවේ කර්මාන්ත කරුවන්ගෙන් සමන්විත වන අතර මෙම ආයතනය භූ සම්පත් සොයා ගැනීම, නිෂ්පාදනය හා අපනයනය පිළිබඳව සියළු කටයුතු ගැන රජයට වගකියන ප්‍රධාන ආයතනය බවට පත්වන්නේය. මිනිරන් ආශ්රිත කර්මාන්ත: ශ්‍රී ලංකාවේ අනාදිමත් කාලයක් තිස්සේ පැවති මිණිරන් කර්මාන්තය අධිරාජ්‍යවාදී යුගයේදී බ්‍රිතාන්‍ය ව්‍යවසායකයන් සතුව තිබී වර්තමානයේ දේශීය කර්මාන්තකරුවන් භාරයේ පවතින මිනිරන් කර්මාන්තය වර්තමාන ලෝකයේ අතිශය ප්‍රබල කර්මාන්තයක් වන අතර අති සුවිශේෂ නිෂ්පාදන අමුද්‍රව්‍යයක් හා නිමි භාණ්ඩ රාශියක් ඇතිකොට ලෝක වෙළඳපොළට ඉදිරිපත් කොට විශිෂ්ට අපනයන ආර්ථිකයක් ගොඩනැංවීමට බලාපොරොත්තු වේ. කෝබෝල්ට්, රත්තරන්, ඩොලමයිට්, තඹ, රිදී ආදී දැනට අමුද්‍රව්‍ය වශයෙන් පමණක් ඉතා ලාභදායී මිලගණන්වලට අපනයනය කරන මෙම අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාව සතු සැතපුම් තුන්සියයක පමණ මහද්වීපික තටකය ගවේෂණය කොට නිමි ද්‍රව්‍ය බවට පත්කොට නව කර්මාන්ත සංස්කෘතියක් ඇති කිරීමට බලාපොරොත්තු වේ. විශේෂයෙන් ලෝකයේ බොහෝ රටවලට අමු ඩොලමයිට් වශයෙන් අපනයනය කොට එය නිෂ්පාදිතයක් වශයෙන් අප රටට ආනයනය කරනු වෙනුවට අප රටේ කැල්සියම් කාබනේට් හෝ මැග්නීසියම් අවශ්‍යතා සඳහා අපනයනය කිරීමට බලාපොරොත්තු වේ. මෙමගින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීම. මැණික් කර්මාන්තය ක්‍රමවත්ව වැඩිදියුණු කිරීම හා ඒ හා සම්බන්ධ කර්මාන්ත ආරම්භ කිරීම පොල් තේ රබර් ආශ්රිත කර්මාන්ත හා 21 වන ශතකයේ දෙවැනි දශකයට අවශ්‍ය පරිදි ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අපනයන කෘෂිකාර්මික භාණ්ඩ අගය වැඩි කළ නිමි භාණ්ඩ බවට පත් කිරීමේ කර්මාන්තශාලා ඇති කිරීම ශ්‍රී ලංකාවේ පේෂකර්මාන්තය, පොහොර කඩදාසි, සීනි ආශ්රිත නව කර්මාන්තශාලා මෙන්ම වැඩි දෙනෙකුට රැකියා ලැබෙන පරිදි ගෘහාශ්‍රිත කර්මාන්ත ඇති කිරීම. විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් ආහාර තාක්ෂණ නිෂ්පාදන ගම්මාන ඇති කිරීම දේශීය කෘෂිකර්මාන්තයට අවශ්‍ය කුඩා කර්මාන්ත සඳහා දේශීය ලුහු ඉංජිනේරු කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීම ග්‍රාමීය මට්ටමේ සමූපකාර කේන්ද්‍ර කරගත් ධාන්‍ය සකස් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රවර්ධනය3. බලශක්තිය:
ඩීසල්, ගෑස් හා ගල් අඟුරු සඳහා විශාල වශයෙන් විදෙස් විනිමය පිටරටට ගලා යාම නැවැත්වීම සඳහා පුනර්ජනනීය බලශක්ති (සුළං, ජල, සූර්ය, භූගත තාප බලය හා මුහුදු ජල) භාවිතා කිරීම හැකි තරම් වැඩි කිරීම තුලින් නිෂ්පාදන වියදම අඩු කිරීමත්, දැනට පවතින අධික විදුලි බිල් අඩු කිරීම තුලින් ජීවන වියදම අඩු කිරීමත්, රටේ ද පවතින ඉතා ඉහල ප්‍රවාහන වියදම් අඩු කිරීමත් මෙම පුනර්ජනනීය බල ශක්තිය තුලින් ලඟා කර ගැනීම. සියලු පූජනීය ස්ථාන වලට නොමිලේ විදුලි බලය ලබා දීම හා සමෘද්ධිලාභීන්ට හා අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සේවකයන් සඳහා ඉතාමත් අඩු මිලට සූර්ය බලශක්තිය ඇතුළු පුනර්ජනනීය බල ශක්තිය ලබා දීම.4. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම :
දැනටමත් සංශෝධන 21 කින් සමන්විත වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ඉතාමත් සරල වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රතිනිර්මාණය කිරීම. ඒ තුලින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමත්, මනාප ඡන්ද ක්‍රමය වෙනුවට නැවත ආසන මට්ටමින් කේවල ඡන්ද ක්‍රමය ස්ථාපිත කිරීමත්, පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය එකම ඡන්දයක් තුලින් පැවැත්වීමත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අසුන් සංඛ්‍යාව 25 කින් කප්පාදු කොට 200 දක්වා අඩු කිරීමටත් ආසන හා පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 200 දක්වා අඩු කිරීම හා ආසන ගණන ඉක්මවා යන අතිරේක ධූර සංඛ්‍යාව (25) එක් එක් පක්ෂවලට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව අනුව සමානුපාතිකව බෙදීම.5. නීතිය:
නීතිය සෑම පුරවැසියෙකුටම සමානව ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණ පද්ධතිය හා නීතිය සුරැකීමට අදාළ සියලු ම ආයතන ස්වාධීන ආයතන වශයෙන් ක්‍රියාත්මක කර වීම සඳහා වන ස්වාධීන කොමිෂන් සභා බල ගැන්වීම තුලින් දේශීය මෙන් ම විදේශීය රටවල පවා සඟවා ගත් අප සතු මුදල් විශුද්ධිකරණ පනත යටතේ නැවත අප රටට ලබා ගැනීම6. අධ්‍යාපනය:
දේශීය හා විදේශීය වෙළඳපොළට ගැළපෙන ආකාරයට වර්තමාන අධ්‍යාපන ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම. ඒ අනුව, අ.පො.ස සා.පෙ දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමත්, ඉන් පසු විශ්ව විද්‍යාලවලට ඇතුළු වන ශිෂ්‍යයන් හැර අනෙකුත් සියලු ම සිසුන් සඳහා අනිවාර්ය තාක්ෂණික හා වෘත්තීය පාඨමාලා හැදෑරීමට යොමු කිරීම තුලින් දේශීය හා විදේශීය ශ්‍රම වෙළඳපොළ කේන්ද්‍ර කර ගත් වෘත්තීය අභිමුඛ පාඨමාලා ලබා දීමටත් සියලු ම විශ්වවිද්‍යාල සිසුන් සඳහා ද දේශීය හා විදේශීය ශ්‍රම වෙළඳපොළ අරමුණු කර ගත් වෘත්තීය පාඨමාලා ආරම්භ කිරීමත් සිදු වේ. එමෙන්ම දේශීය ඛනිජ සම්පත් පදනම් කොටගත් කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සුදුසු තාක්ෂණික හා වෘත්තිය දැනුම ලබා දෙන විශ්ව විද්‍යාල ආරම්භ කිරීම7. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය:
ජාතිවාදී වර්ගවාදී අර්බුද මුලින් උපුටා දමා ජාතීන් අතර සමගිය ඇති කිරීම වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පාසලෙහි ඉගැන්වීම අනිවාර්ය කිරීම සඳහා කටයුතු කරනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව සිංහල දෙමළ භාෂා සඳහා නිසි සැලකීම එලෙසින් ම පවතී.8. සැලසුම් හා ක්‍රම සම්පාදනය:
රටේ තිරසාර සංවර්ධනය සඳහා අවශ්‍ය වන සැලසුම් හා ක්‍රම සම්පාදනය සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන්ගෙන් හා වෘත්තීය විශේෂඥයින්ගෙන් සමන්විත ස්වාධීන ජාතික ප්‍රතිපත්ති සැලසුම් කොමිෂන් සභාවක් පත් කිරීම. මෙම කොමිෂන් සභාවේ සකස් කරනු ලබන දිගු කාලීන සැලසුම් පාර්ලිමේන්තු පනත් මගීන් සම්මත කර ගන්නා අතර බලයකට පත් වන කිසිම රජයකට අත්තනෝමතික ලෙස එම සැලසුම් වලින් අපගමනය විය නො හැක.9. ශ්‍රම බලකාය:
රටේ වයස අවුරුදු 18 ට වැඩි සියලු ම පුරවැසියන් ශ්‍රම බලකාය ලෙස සලකන අතර ඔවුන්ගේ සියලු ම දත්ත පරිගණක ගත කර සේවා වියුක්තිය, ඌන සේවා නියුක්තිය හා සේවා නියුක්තිය පිළිබඳව පූර්ණ ලෙස විමසීමක් ඇති කොට ඔවුන් තමන්ගේ කුසලතා අනුව සේවා නියුක්ති කර වීම සඳහා ප්‍රමාණවත් පුහුණුවක් ලබා දීමත් ඔවුන්ගේ දත්ත පෞද්ගලික හා රාජ්‍ය සේවා සඳහා යොමු කිරීම තුලින් දේශපාලන බලපෑම් නොමැතිව සුදුසුකම් ඇති ඕනෑම කෙනෙකුට තමාගේ කැමැත්ත අනුව රැකියාවක් සොයා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයනු ඇත. මෙම කාර්ය සඳහා දැනට පවතින මානව සම්පත් සංවර්ධන කවුන්සිලය ප්‍රතිව්‍යුහගත කොට මෙම කාර්ය පවරනු ඇත.10. සෞඛ්‍යය හා පෝෂණය
සෑම ජන කොට්ඨාසයකට ම සමාන සෞඛ්‍ය පහසුකම් හා පෝෂණය සැපයීම රජයේ මූලික වගකීම වේ. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත සියලු ම රජයේ රෝහල්වල සවස 04 න් පසු චැනල් සේවාවක් ආරම්භ කරන අතර ඉන් ජනිත වන අරමුදල් කොටසක් වෛද්‍යවරුන්ට හා සේවය සපයන සේවකයන්ට ද, අනෙක් කොටස එම රෝහලේ රෝහල් සංවර්ධන අරමුදලට ද බැර කරනු ඇත. ඒ අනුව, රෝහලේ එදිනෙදා නඩත්තු කටයුතු හා හදිසි උපකරණ මිල දී ගැනීම් රෝහල් මට්ටමින් ඉටු කර ගැනීමට එම රෝහල් වලට හැකි වනු ඇත. බටහිර, දේශීය හා ආයුර්වේද වෙදකම් සඳහා සම තැන දී කටයුතු කරන ලබන අතර පාරම්පරික වෛද්‍යවරුන්ගෙන් සමන්විත වන ස්වාධීන වෛද්‍ය සභාවක් ස්ථාපිත කරනු ඇත. මේ අනුව, රටට ගැළපෙන ප්රතිපත්තීන් වෛද්‍ය ක්ෂේත්රයේ ස්ථාපිත කරන අතර විශේෂයෙන්ම මහාචාර්ය සේනක බිබිලේ ගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ඇත. මේ තුලින් මහජනතාවට අනවශ්‍ය ලෙස ඖෂධ ශාලාවලින් මිල දී ගන්නා ඖෂධ සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදු නො වෙනු ඇත.11. වාරි කර්මාන්තය හා ජල පිටාර ගැලීම් පාලනය:
මහ වාරි කර්මාන්තවලට අදාළ ජලාශ පද්ධතියෙහි ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීම. මේ සඳහා මධ්‍යම කඳුකරය ඇතුළු සියලුම කඳු මුදුන් වල අහිතකර ෆයිනස් වගාව ඉවත් කොට කොස්, පලතුරු, සාදික්කා, එනසාල්, කරාබු නැටි, ගොරකා වැනි දේශීය ශාක වගා කිරීම අප රජයේ මුඛ්‍ය පරමාර්ථය වේ. මේ තුලින් රිලව් වඳුරන් වැනි වන සතුන්ට එම ප්‍රදේශවල ආහාර සුලභ වීම නිසා ගම් වලට වැදී වගා හානි කිරීමට ඇති අවස්ථාව අඩු වනු ඇත. මධ්‍යම හා කුඩා වැව් සහ ඇලවල් සියල්ල ප්‍රතිසංස්කරණය කිරීමත්, ගංගා ඉවුරු සංරක්ෂණය කිරීමත් සිදු වනු ඇත.12. පරිසර සංරක්ෂණය හා වන වගාව:
අ.පො.ස සා.පෙ දක්වා සිසුන්ට පරිසර අධ්‍යාපනය පරිසර සංරක්ෂණ හා ඒ සම්බන්ධ නීති රීති පිළිබඳ අවබෝධයක් අනිවාර්යයෙන් ලබා දිය යුතු වේ. මේ සම්බන්ධ අලුතින් විෂය නිර්දේශයක් ඇති කිරීම සුදුසු වේ. එමෙන්ම, රටේ භූමි භාගයේ ප්‍රතිශතයට අනුව නැවත වන වගාව ස්ථාපිත කිරීමත් ගෝලීය කාලගුණ විපර්යාස වලට මුහුණ දීම සඳහා මධ්‍යස්ථානයක් (Climate change combat center) ස්ථාපිත කිරීමත් සිදු කල යුතු වේ. කොස් ගස මෙරට මව් ශාකය ලෙසත් පොල් ගස මෙරට පිය ශාකය ලෙසත් හඳුන්වා දෙන අතර ලංකා භූමියේ ඉඩකඩ ඇති සෑම තැනකම මෙම ශාක දෙක වගා කිරීම කල යුතු අතර ඒ සඳහා දිරි දීම කල යුතු ය. භූමිය ලබා ගත හැකි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම අක්කර දහයක්වත් ආදර්ශමත් රක්ෂිත වන වගාවක් ලෙස ස්ථාපිත කල යුතු වේ. මෙම වන වගාව තුල ඉහත අංක 11හි සඳහන් ශාක ඇතුළු ඒ ඒ පළාත්වලට ගැළපෙන ශාක ප්‍රජාව මෙන් ම ශාක හා සත්ව ප්‍රජාව සඳහා අවශ්‍ය ජල ප්‍රභව නිර්මාණය කල යුතු වේ.13. ආගමික:
අප ආණ්ඩුක්ර ව්‍යවස්ථාවේ සියලුම ආගම් සඳහා සපයා ඇති සියලු අයිතිවාසිකම් එලෙසින්ම ආරක්ෂා කරන අතර බුදු දහමට ප්‍රමුඛතාවය දෙමින් සියලුම ආගම් හා ඔවුන්ගේ සංස්කෘතින් අතර සහජීවනය ඇති කිරීම පිණිස සුදුසු වන ක්‍රියාමාර්ග ගැනීම. දැනට පිරිවෙන් අධ්‍යාපන පනතේ අරමුණු සාක්ෂාත් කරනු වස් දේශ දේශාන්තර වල බුදු දහම ප්‍රචාරය කිරීම පිණිස අප තානාපති සේවයේ පූර්ණ සහය ලබා දෙන අතර මේ සම්බන්ධයෙන් හැකියාව ඇති භික්ෂූන් වහන්සේලාට විදේශ භාෂා ඉගෙන ගැනීමටත්, ධර්ම දේශනා පැවැත්වීම සඳහා සංචාරය කිරීමටත් ඒ සඳහා මූල්‍ය පහසුකම් සැපයීමටත් රජය කටයුතු කරනු ඇත.14. විදේශ ප්‍රතිපත්තිය:
විදෙස් රටවල් සමඟ නොබැඳි හා නො බිඳුනු ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත. රට ජාතියට ඇලුම් කරන විදේශ තානාපති සේවයක් ඇති කරන අතර මෙම තානාපතිවරුන්ගේ වාර්ෂික කාර්ය සාධන ඇගයීම පහත සඳහන් ක්රියාකාරිත්වයන් මත කරනු ඇත. • තමා සේවය කරන රටෙහි අප රට සම්බන්ධයෙන් ඇති ආකල්පය ඉතාමත් සීරුවෙන් සොයා බලා එම රටෙහි අප කෙරෙහි ශුභවාදී ආකල්ප ඇති කිරීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු ඉටු කිරීම. • අප රටෙහි සංචාරය පිණිස පිටරැටියන් පෙළඹවීමත් ඒ සඳහා අප රටෙහි සංචාරයෙහි වැදගත් කම හුවා දක්වන සියලුම තොරතුරු සැපයීම හා සංචාරය ප්‍රවර්ධන කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම • විදේශ රැකියාවල නියුතු අප රැටියන් පිළිබඳ සොයා බැලීම, ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම, ඔවුන් සුරක්ෂිතව රැකබලා ගැනීම හා විදේශ සේවා නියුක්තිය සඳහා වන අවස්ථා ප්‍රවර්ධනය කර අප රජය දැනුවත් කිරීමත් කල යුතු වේ. මේ සඳහා දේශපාලන ගැත්තන් නොවන රට ජාතියට ආදරය කරන විදේශ තානාපති සේවයක් ස්ථාපිත කිරීම සඳහා අප රජය කටයුතු කරන අතර තානාපති සේවයේ සිටින සියලුම දෙනාගේ ආකල්ප සහමුලින්ම වෙනස් කොට අප රටේ දියුණුව සඳහා වන ශුභවාදී ආකල්ප ඇති කල යුතු වේ.15. ජාතික ආරක්ෂාව:
රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුලත්ව අතිවිශිෂ්ඨ බුද්ධි සේවාවක් ස්ථාපිත කිරීමත්, දේශපාලන බලපෑම් වැලින් තොර ව මෙම සේවාවල බඳවා ගැනීම් හා කාර්ය සාධන මැනීම මත පදනම් වූ උසස් වීම් ක්‍රමයක් ස්ථාපිත කරනු ඇත. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඒකාබද්ධව අප රටට අයිති සාගර හා ගුවන් කලාපය ආරක්ෂා කෙරේ. මෙම වැඩ පිළිවෙල ග්‍රාමීය මට්ටමේ සයයෝගයෙන් ශක්තිමත් කිරීම පිණිස සාම ග්‍රාම වැඩ පිළිවෙල ස්ථාපිත කරන අතර සෑම ගමක් සම්බන්ධයෙන්ම ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු, මත්ද්‍රව්‍ය , මත්පැන් භාවිතය පිළිබඳ තොරතුරු, ජාතික ආරක්ෂාවට හානි වන නීතිවිරෝධී සංවිධාන පිළිබඳ තොරතුරු හා මහජන ආරක්ෂාව සඳහා අදාළ වන සියලු ම කටයුතු සිදු කිරීම16. ළමා, කාන්තා, යෞවන හා ජ්‍යෙෂ්ඨ පුරවැසි කටයුතු :
• ළමයි (උසස් පෙළ දක්වා) වයස අවුරුදු 18 ට අඩු ජනගහනය ළමා ජනගහනය ලෙස සැලකෙන අතර එම දරුවන්ගේ පෝෂණය, ආරක්ෂාව, සුරක්ෂිත බව, හා මානසික වර්ධනය සහතික කිරීම පිණිස ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම • සියලුම කාන්තාවන්ගේ සුරක්ෂිත බව මානසික සංවර්ධනය, පෝෂණය, අධ්‍යාපනය, සුරක්ෂිත කිරීම පිණිස කාන්තා හා අයිතිවාසිකම් පිළිබඳ සියලුම අනපනත් හා ප්රඥප්ති ක්‍රියාත්මක කිරීම • යෞවනයන් සඳහා රජයේ ආකර්ශනීය දීමනාවක් සහිතව නේවාසික නායකත්ව පුහුණු පාඨමාලාවක් ඇති කිරීම, ඔවුන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම, ඔවුන්ගේ අවශ්‍යතාවන් අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් ව කටයුතු කිරීම සහ අංක 09 සඳහන් දත්ත ගබඩාවට අනුව රැකියා සේවය සලසනු ඇත • වයස අවුරුදු 60 ට වැඩි රට වෙනුවෙන් කැප වුනු සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සෞඛ්‍ය, පෝෂණ හා ආරක්ෂාව සඳහා වන ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව ඔවුන්ගේ ආර්ථිකය සුරක්ෂිත කිරීම සිදු කෙරේ. විශ්‍රාම ලැබූ හා වැන්දඹු ආධාර ලබන සෑම ජ්‍යෙෂ්ඨ පුරවැසියකුටම වැඩි වන ජීවන වියදමට සමානුපාතිකව විශ්‍රාම වැටුපට දීමනාවක් එකතු කරනු ඇත. මෙම විශ්‍රාමිකයන් ගේ රජයේ සේවයට විශේෂ දායකත්වයක් අවශ්‍ය වන විට ඔවුන්ට ඒ සඳහා දීමනාවක් ලබා දීමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ සේවය රාජ්‍ය සේවයට නැවත ලබා ගත හැකි වේ.17. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු:
රාජ්‍ය පරිපාලනය රටට ගැළපෙන ආකාරයට විධිමත්ව සංශෝධනය කිරීමටත්, පරිපාලන නිලධාරින් ගේ හැකියාවන් ඇගයීම සඳහා ක්‍රම වේදයක් සකස් කිරීමත් (Performance Appraisal System ), කාර්ය සාධන ඇගයීම්වලට ලක් කොට ඔවුන්ට අදාළ උසස් වීම් ලබාදීමත් සිදුකිරීම, වැටුප් විෂමතා ඉවත් කර සාධාරණ වැටුප් ව්‍යුහයක් ඇති කිරීම සඳහා වැටුප් කොමිෂන් සභාවක් ඇති කිරීම හා විශ්‍රාමිකයින්ගේ වැටුප ජීවන වියදමට සරිලන පරිදි ජීවන වියදම් දීමනා ක්‍රමයක් ඇති කිරීම සියලුම රාජ්‍ය සේවකයන්ගේ හා විශ්‍රාමිකයින්ගේ වැටුප් හා විශ්‍රාමික දීමනා වල ඇති විෂමතා ඉවත් කොට සාධාරණ වැටුප් ව්යවුහයක් සකස් කිරීම සඳහා ජාතික වැටුප් කොමිෂන් සභාවේ සහයෝගය ලබා ගැනේ. රාජ්‍ය සේවයේ පත් කිරීම සඳහා තරඟ විභාග ක්‍රමය අනුගමනය කරන අතර දේශපාලන මැදිහත් වීම් සහමුලින්ම ඉවත් කෙරේ. රාජ්‍ය සේවයේ පුරප්පාඩු නොමැතිව විදිමත් ව බඳවා නොගෙන දේශපාලනඥයින්ගේ අවශ්‍යතා පරිදි අනියම් පත්වීම් ලබා දීම අත්හිටු වනු ඇත. සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පළාත් පාලන සභා සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට විධිවිධාන සලස්වන අතර මහජනයාගේ රාජ්‍ය සේවා අවශ්‍යතා ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුලින් ඉටු කර ගැනීම තව දුරටත් ශක්තිමත් කරනු ඇත. ඒ අනුව ග්‍රාම රාජ්‍ය ක්‍රමය ශක්තිමත් කිරීම පිණිස ප්‍රාදේශීය රාජ්‍ය සභා ව්යවුහයක් ස්ථාපිත කරනු ලැබේ. මධ්‍යම රජයේ හැකි සියලුම කටයුතු ප්‍රාදේශීය රාජ්‍ය සභා ක්‍රමයට විමධ්‍යගත කිරීම තුලින් මහජනයාට තම සියලුම කටයුතු අගනගරයට නොපැමිණ ඉටුකර ගනීමට හැකි වේ.18. සංචාරක ක්ෂේත්රය :
සංචාරක ක්ෂේත්රය දිරිමත් කිරීම සඳහා සියලුම හෝටල් සහ කුඩා පරිමාණ ලැගුම් හල් සියල්ලම සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු අතර ප්‍රමිතියන්ට අනුව ක්‍රියාත්මක විය යුතු වේ. ලංකාව තුල සංචාරය කිරීමට සුදුසු සියලුම ස්ථාන පිළිබඳ තොරතුරු ආකර්ශනීය ලෙස සකස් කොට දෙස් විදෙස් වල ප්‍රචාරය කිරීම. මේ සඳහා විදේශ තානාපති සේවාවන් ගේ සේවය ලබා ගත යුතු වේ. වර්තමානයට ගැළපෙන ලෙස wellness, Echo, Agro, Sports යන සංචාරක ක්ෂේත්රයන් ජනප්‍රිය කිරීම සඳහා ඊට අදාළ ස්ථාන වල පහසුකම් වැඩි දියුණු කිරීම හා ඒ සඳහා පුළුල් ප්‍රචාරණයක් ලබා දීම කල යුතු වේ. විදෙස් රට වලට නුපුහුණු ශ්‍රමය මෙහෙකාර සේවය සඳහා යවනවා වෙනුවට ඔවුන් සඳහා වැඩිහිටියන් රැක බලා ගැනීමේ විශේෂ පුහුණුව ලබා දීමෙන් පසු ශ්‍රී ලංකාව තුල අප විසින් ස්ථාපිත කිරීමට බලාපොරාත්තු වන විදේශීය විශ්‍රාමිකයින් රැක බල ගන්නා හා ආයුර්වේද ප්‍රතිකාර ලබන මධ්‍යස්ථානවල සේවයට යෙදවීමෙන් සංචාරක ක්ෂේත්රයේ නව අංශයක් හඳුන්වා දෙන අතර මෙම ක්ෂේත්රයේ විදේශ සේවා වලට යන අයට ඉහල වැටුපක් ලබා ගෙන මෙරට දීම තම රැකියාව කල හැක. විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව හා ඒ අය සම්බන්ධව පැමිණිලි ගැන ක්‍රියා කරනු වස් පොලීසියේ සංචාරක ආරක්ෂක අංශය යනුවෙන් වෙනම අංශයක් ස්ථාපිත කිරීම19. බදු ක්‍රමය:
ජාතික අවශ්‍යතාවය අනුව බදු සංශෝධනය කිරීම, ජනතාවට තමාගේ ඉපයීම මත පදනම් වූ සරල බදු ක්‍රමයක් ඇති කිරීම ආහාර, ඖෂධ, ඇඳුම් පැළඳුම් හා නිවාස යන අත්‍යාවශ්‍ය මූලික අවශ්‍යතා සඳහා බදු සහන ලබා දීම. දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ සඳහා ඇති ආනයනික බද්ධ අවම වන ආකාරයට සංශෝධනය කිරීම. අතීතයේ බදු පැහර හැරීම් නීතිය ඉදිරියට ගෙනවිත් එම බදු නැවත අය කර ගැනීම උදා: සීනි බදු වංචාව20. ප්රමිතිකරණය හා මිල නියාමනය :
සියලුම නිෂ්පාදන භාණ්ඩ හා පරිභෝජන භාණ්ඩ ලංකාවට ගැළපෙන ආකාරයට ප්‍රමිතිකරණයට ලක් කිරීම, සාධාරණ වෙළඳ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම තුළින් දේශීය මෙන්ම ආනයනික භාණ්ඩවල මිල සාධාරණ දැයි පරීක්ෂා කර මිල පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම. මේ තුලින් භාණ්ඩ ආනයනය කර අසාධාරණ ලෙස මිල ඉහල දමා වැඩි මිලට භාණ්ඩ විකුණා පාරිභෝගිකයින් සූරා කෑම අත්හිටුවනු ලැබේ. ප්‍රමිතිකරණ ආයතන හා කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම දේශපාලන බලපෑම් වලින් ඉවත් කරනු ලැබේ.21. සංවර්ධන බැංකු හා මූල්‍යායතන :
සියලුම බැංකු හා මූල්‍යායතන මහ බැංකුවේ පූර්ණ නියාමනයට භාජනය වන අතර මෙතුලින් අනාරක්ෂිත මූල්‍යායතනවල ගනුදෙනු කරුවන්ගේ මුදල් තැන්පතු නිතැතින්ම ආරක්ෂා කල යුතු වේ. සියලුම බැංකු විසින් සාධාරණ ආකාරයට බැංකු වල ලාභ උපරිම කිරීමේ පරමාර්ථය වෙනුවට ජනතාවට උපරිම සේවයක් සලසනවා යන පරමාර්ථය ඇතිව ණය පොලී අනුපාත සහන මට්ටමකට ගෙන එම කළ යුතුය. තැන්පතු හා ස්ථිර තැන්පතු වලට සාධාරණ ඉහළ පොලියක් ලබා දිය යුතු අතර වයස අවුරුදු 60 ඉක්මවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඔවුන්ගේ ආර්ථිකය සුරක්ෂිත කරලීමට සුදුසු වන ඉහලම ඉතුරුම් පොලී අනුපාතයක් යම්කිසි උපරිම තැන්පත් මුදලක් දක්වා ගෙවිය යුතු වේ. සංවර්ධන බැංකු එක් එක් ක්ෂේත්රයක් සඳහා ස්ථාපිත කල යුතු අතර ඔවුන්ගේ මූලික අරමුණ විය යුත්තේ කර්මාන්ත කරුවන් සඳහා අඩු පොලී ප්‍රතිශතයකට පොලී සහන කාලයක් (grace period) සහිතව සංවර්ධන ණය ලබා දීමයි. මෙම බැංකු සඳහා මූල්‍යනය විදේශ සහයෝගීතා ආයතන ඔස්සේ ලබා ගන්නා අඩු පොලී සහිත මූල්‍යාධාර වලින් සපයා ගත හැකි වේ.22. සමූපකාර ක්‍රමය හා ව්‍යවසාය සංවර්ධනය :
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සඳහා මූලික වශයෙන් සමූපකාර ක්‍රමයක් ජනතා සමාගම් ක්‍රමයත් ස්ථාපනය කිරීමට හා ප්‍රචලිත කිරීමට ක්‍රියාත්මක කරනු ඇත. මෙම ආයතන සඳහා අවශ්‍ය ණය පහසුකම් අඩු පොලී අනුපාත වලට යටත්ව ඉහත සඳහන් සංවර්ධන බැංකු පද්ධතිය හරහා ලබා දෙනු ලැබේ. දැනට ඉතා අල්ප වශයෙන් භාවිතා කරන විශාල මුදලක් ඇති සමූපකාර සංවර්ධන අරමුදල මෙම ව්‍යවසාය සමූපකාර සමිති සඳහා ආරම්භක මූලධනය සහ ක්‍රියාකාරී ප්රාග්ධනය සහන පොලියකට ලබා දීම පිණිස යොදා ගැනීමට පුළුවන. උදා. ලෙස සමූපකාර ක්‍රමය තුලින් ගොවීන්ගේ අස්වැන්න එකතුකොට ඔවුන්ගේම වී මෝල් වලින් සහල් සැකසීම කොට අසුරා ඔවුන්ගේ සමූපකාරයේ වෙළඳ නාමය තුලින් පාරිභෝගිකයාට සැපයිය හැක. මේ තුලින් අසරණ ගොවීන් මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගසා කෑම් වලින් මුදවා රටේ සහල් නිෂ්පාදන මිල ගණන් සාධාරණ මට්ටමට පවත්වා ගත හැක. මේ තුලින් ගොවියාත් පාරිභෝගිකයාත් මහා පරිමාණ මෝල් හිමියන්ගේ අසාධාරණ සූරා කෑමෙන් වළක්වා සාධාරණ මිලට මුළු රටේම සහල් සැපයීම සිදු කල හැකි වේ. මෙම සමූපකාර හා ජනතා සමාගම් ක්‍රමය කෘෂිකාර්මික ධීවර කාර්මික යන සෑම ක්ෂේත්රයකම ප්‍රචලිත කල හැකි වේ. රාජ්‍ය හා පෞද්ගලික ආයතන පිටරටට විකුණා දැමීම වෙනුවට ජනතා සමාගම් ව්‍යුහයක් තුළින් එහි කොටස් දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ට මිලදී ගැනීමට සැලැස්වීමටත් 10% කොටස් එම ආයතනවලට ඉහළ සේවාවක් සැපයූ සේවකයන් සඳහා වෙන් කිරීම තුළින් ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ දැමීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම23. ධීවර, ජලජ සම්පත් හා සාගර ඛනිජ සම්පත්
සමූපකාර, ජනතා සමාගම්, යන ක්‍රමය භාවිතා කරමින් මත්ස්‍ය සම්පත ප්රශස්ත ආකාරයෙන් ලබා ගැනීමට කටයුතු කෙරේ. මේ සම්බන්ධයෙන් වූ නීති රීති තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ, ධීවර බෝට්ටු මහා පරිමාණ ට්‍රෝලර් මිලදී ගැනීම සඳහා සංවර්ධන බැංකු ඔස්සේ සහන මිලට මූල්‍ය පහසුකම් ලබා දෙනු ඇත. දැනට භාවිතා නොකරන සාගරයේ සැඟවී ඇති ඛනිජ සම්පත් ඛනිජ නිධි යනාදිය පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා සහ ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති රජයට නිර්දේශ කිරීම සඳහා වන සාගර සම්පත් ගවේෂණය පිළිබඳ විශේෂ මෙහෙයුම් ආයතනයක් පිහිටුවනු ලැබේ. දැනට පිහිටුවා ඇති සාගර විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර සම්බන්ධතා හා සහයෝගීතාව මත ඉහත ක්ෂේත්රයන් සඳහා වන අන්තර්ජාතික විශ්වවිද්‍යාලයක් මට්ටමට ගෙන ඒමට කටයුතු කල යුතු වේ. උදාහරණයක් ලෙස ගැඹුරු මුහුදු ගවේෂණ නාවික ඉංජිනේරු විද්‍යාව වැනි සියලු කටයතු මෙම ආයතනය මගින් සිදු කෙරේ. නාරා වැනි පර්යේෂණ ආයතන මෙම විශ්ව විද්‍යාල සමඟ ඒකාබද්ධ කල යුතු වේ. x24. කැබිනට් අමාත්‍යාංශ
ඉහත කාර්යයන් ඉටු කිරීම සඳහා 17 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් ස්ථාපිත කරන්නෙමුCopyright ©2024 SSNA All Rights Reserved.